Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:07:32 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) සෙබළුන් ප්‍රජා ව්‍යාපෘතියක් සඳහා දායක වේ

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව “අත හිත” පදනමේ නිර්මාතෘ ප්‍රභාත් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් සහ ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 612 පාබල බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් මතුගම, කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින පාසල් 10 ක අධ්‍යාපනය ලබන අඩු අදාලයම් ලාභි පවුල් හි පාසල් සිසුන් 200 ක් සඳහා පාසල් උපාංග තොගයක් බෙදාදිමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 24 වන දින මීගහතැන්න මෙරිල් කාරියවසම් ජාතික විද්‍යාලයේ දී පවත්වන ලදී.

මෙම ප්‍රජා ව්‍යාපෘතියේ සියළුම සංවිධාන කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච් කේ එල් ජේ පෙරේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්විම යටතේ සිදුවිය.

එක් පාසල් උපකරණ කටිටලයක් රු. 3600.00 ක් වන අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැයවු මුදල රු. 720,000.00 ක් පමණ වේ. මෙම වැඩසටහනේ අරමුණ වුයේ ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයෙහි ජිවත් වන අඩු අදායම් ලාභි පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන තත්වය ඉතා උසස් අයුරින් නගාසිටුවිමයි.

612 පාබල බලසේනාවේ බලසේනාධිපතිත මන්ගේ ආරාධනාව අනුව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම වැඩසටහන සදහා සහභාගිවු අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, අනුග්‍රාහකයින් සහ පාසල් කාර්ය මණ්ඩලය ද සහභාගි විය.