Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th August 2022 17:00:07 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) සෙබළුන්ගෙන් තවත් උදාර කර්තව්‍යක්

කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බටහිර ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සැලකිය යුතු පිරිසක් 2022 අගෝස්තු 26 වන දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කළහ.

මෙම ලේ දන්දීමේ වැඩසටහන නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුවේ සම්බන්ධීකරණයෙන් රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් සංවිධානය කර ඇත.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි, ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන 14 පාබල සේනාංකය සහ ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයෙහි ස්ථාපිත රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යුද හමුදා සෙබළුන් 270 ක පමණ ප්‍රමාණයක් තම රුධිරය පරිත්‍යාග කරමින් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වය ලබාදෙන ලදී.