Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th October 2022 15:51:30 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) වෙතින් ප්‍රණාම සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් සංවිධානය කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) සංවිධානත්වයෙන් 2022 අගෝස්තු 09 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුධ හමුදා මූලස්ථානයේ පැවති ප්‍රණාම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවයට සමගාමීව, ප්‍රණාම සහතික හිමි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි සහ සෙසුනිලයින් සඳහා සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයක් 2022 ඔක්තෝබර් මස 04 දින සංවිධානය කර ඇත.

මෙම උත්සවය ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් විසින් පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.

ප්‍රණාම සහතික බෙදාදීමේ වැඩසටහන ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, එහිදී ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන පාබල සේනාංක/ පාබල බලසේනා සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 95 දෙනෙකු සදහා ප්‍රණාම සහතික ප්‍රදානය කර ඇත.

මෙම වැඩසටහන සඳහා 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් පාලන/ භකාස, ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 141, 142 සහ 144 පබාල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.