Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th February 2023 17:57:18 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) විසින් පානළුව ප්‍රදේශයේ ශ්‍රමදානයක් පවත්වයි

ආරක්‍ෂක සේනා (බටහිර) අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් විසින් 2023 පෙබරවාරි 03 වන දින වටරැක මංසන්දියේ සිට පානළුව වෙඩි පිටිය දක්වා දිවෙන මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ‌ජෙනරල්ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ සහ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

තවද, 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් කරන ලද ඉල්ලීමට අනුව මීගොඩ පොලිසියට අයත් පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක් විය.