Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th January 2023 16:15:45 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කරයි.

75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, ආරක්‍ෂක සේනා (බටහිර) විසින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, නාරාහේන්පිට, සහයෝගිතාවයෙන් පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථාන පරිශ්‍රයේදී 2023 ජනවාරි 23 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (බටහිර) මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සාමූහික දායකත්වයෙන් මෙම උදාර කර්තව්‍යය සංවිධානය කර ඇත.

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත පාබල සේනාංක, පාබල බලසේනා, රෙජිමේන්තු සහ බලඇණි ඇතුළුව යුද්ධ හමුදා ජනපදයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 ක් පමණ සහභාගී වී තම ලේ පරිත්‍යාග කළහ.

වැඩසටහන අතරතුර, ආඥාපති තුමන් එම ස්ථානයේ සංචාරයක නිරත වූ අතර, ආඥාපති තුමන් එම ස්ථානයේ සිටි රුධිර පරිත්‍යාගශීලීන් සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධස්ථාන වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක නිරතවු අතර , ආඥාපති තුමන් සමග ආරක්‍ෂක සේනා (බටහිර) පාලන භකාස සහ බ්‍ර්ග්‍රේඩියර් ප්‍රධාන මාණ්ඩලික යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු මූලස්ථානයේ රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරි සහ නිලධාරිණියන් මෙන්ම සෙසුනිලයින්ද මේ සදහා සහභාගිවි සිටියහ.

මෙවන් කාල වකවානුවක ලේ දන්දිම සම්බන්ධයෙන් ආරක්ෂක සේනා (බටහිර) වෙතින් දක්වනු ලැබු දායකත්වය සැබැදිව නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවා කාර්ය මණ්ඩලය හට ප්‍රශංසාව එකතු කරන ලදි.