Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th July 2023 14:55:11 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් තවත් ප්‍රජ ව්‍යාපෘතියකට දායක වේ

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 613 පාබල බලසේනාවට අයත් 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් 2023 ජුලි මස 20 වැනි දින මාතර නිල්වලා කනිෂ්ඨ විද්‍යාලයේ අලුත්වැඩියා කටයුතු සඳහා සිය ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.

මෙම ව්‍යාපෘතිය සදහා 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් දස දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම පාසලේ දුර්වර්ණ වූ තෙමහල් ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කර වර්ණවත් කිරීම සහ ගැලවී ගිය තහඩු මාරු කිරීම වැනි අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදී.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් අනුව 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම මත 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහය ලබාදෙන ලදී.

තවද, මෙවැනි ප්‍රජා ව්‍යාපෘති මගින් යුද්ධ හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ සමගිය ද සිවිල් ජනතාව අතර හමුදාව කෙරෙහි ඇති බැඳීම ශක්තිමත් කරයි.