Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 15:05:30 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් තවත් උතුම් ව්‍යාපෘතියකට දායක වෙති

ඇසළ පොහෝ දිනට සමගාමීව 2023 අගෝස්තු 01 වන දින කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද බත් දන්සලක් සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි 144 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 2 (සෙවි ) ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් සූපවේදීන් සහ ආහාර පිසීම් පහසුකම් ලබාදෙමින් සිය සහය ලබා දුන්හ.

මෙම උතුම් උපකාරය එම ප්‍රදේශයට පැමිණි බැතිමතුන්ට සේවයක් සැලසීමේ අරමුණින් කළ සාමුහික වැඩපිළිවෙළක් විය.

144 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා සහ 2 (සෙවි ) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් මෙම උදාර ක ර් තව්‍යය සඳහා භට පිරිස් දක්වන දායකත්වය සමීපව නිරීක්ෂණය කරන ලදී.