Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th February 2023 12:26:57 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් කටානේ ගින්නක් පාලනය කිරීමට තම සහය දක්වයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ගේ උපදෙස් පරිදි , 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහ අණදෙන නිලධාරින්ගේ සමීප අධීක්ෂනය යටතේ 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව සහ 2 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් 2023 පෙබරවාරි 12 වැනි දින උදෑසන Toyo Cushion Lanka පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව තුළ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා තම උපරිම සහය ලබා දීමට කටයුතු කරන ලදි.

නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු යුද හමුදා සාමාජිකයින් 60 දෙනෙකු මීගමුව ගිනි නිවීමේ ඒකකය, කටුනායක ශ්‍රි ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය සහ හලාවත ගිනි නිවිමේ ඒකකය සමග සම්බන්ධතාවයෙන් යුතුව පැය අටක පමණ කාලයකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇත.