Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th July 2023 10:18:25 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා යුද හමුදා භට පිරිස් සහාය

ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය වේගවත් කිරීමේ අරමුනින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය කාර්යාල 26 ආවර්ණය වන පරිදි කොලඹ, ගමිපහ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල මහජන සෞඛ්‍ය කාර්යාල (MOH) සමඟින් ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඒ අනුව මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා පොලිස් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු සහ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සමඟින් යුද හමුදා මූලස්ථානයේ අනුමැතිය ඇතිව යුද හමුදා සාමාජිකයින් 250ක් පමණ සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය හරහා පාසල් සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගැනීම, ඉවත් කිරීම සහ ප්‍රදේශයේ ප්‍රජාවන් අතර ඩෙංගු වැළැක්වීම සහ මර්දනය කිරිම පිළිබඳව දැනුවත් කරන ලදී.

තවද, මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ මග පෙන්වීම යටතේ 14 සහ 61 පාබල සේනාංකවල සේනාංකාධිපති වරුන්ගේ උපදෙස් මත අදාළ බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගෙ පූර්ණ අධීක්ෂණය මත යුද හමුදා භට පිරිස් සහය ලබා දෙන ලදි.

එමෙන්ම, මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා යුද හමුදාව ලබාදුන් සහය රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද ඉමහත් ඇගයීමට ලක්විය.