Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:37:00 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ට අයත් භටපිරිස් 'ශ්‍රමදාන' ව්‍යාපාරයක් සදහා සහය ලබාදෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා මුලස්ථානය යටතේ ඇති 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළකායට අයත් භටපිරිස් 2023 අප්‍රේල් 02 දින අකුරේගොඩ අභිනවාරාම විහාරස්ථානයේ ඉල්ලිම පරිදි වහරාස්ථානයේ වර්ණ ආලේප කිරිම සදහා බෝධි මළුව පිරිසිදු කිරීම සදහා සහය විය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරී තුමාගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ භටපිරිස්හි දායකත්වය ලබාදුන් අතර, මේ සදහා විහාරස්ථානයේ දායක සභාව සහ දහම් පාසල් සිසුන් පිරිසක් එක්වී සිටියහ.