Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 19:54:10 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති පානළුව බළඇණිය පුහුණු පාසෙලහි සංචාරයක නිරත වෙයි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති, මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සී නව බලඇණි පුහුණු පාසලේ මෙහෙයුම් ප්‍රගතිය සහ වර්ධනයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා 2024 ජනවාරි 26 දින පානළුව බලඇණි පුහුණු පාසලේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

පානළුව බලඇණි පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච් එම් පී හේරත් ආර්එස්පී සහ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් බී එස් කේ ජයසුන්දර ගරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආඥාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, මෙම සංචාරයේදී ආඥාපතිවරයා බලඇණි පුහුණු පාසලේ ඉදිරි සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් පිළිබදව විශේෂ අවධානයක් දැක්වූ අතර එයින් විශේෂයෙන් පුහුණු භූමිය, පරිපාලන ගොඩනැගිලි සහ නවාතැන් පහසුකම් ඇතුළුව එම ස්ථානයේ පවතින පහසුකම් පිළිබඳව සොයාබැලීමට ආඥාපතිවරයා දැඩි උනන්දුවක් දැක්වීය. ඔහු ප්‍රදේශයේ ආරක්ෂාව ද ඇගයීමට ලක් කළේය.

බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩු පීඑස්සී, බ්‍රිගේඩියර් පාලන/භකාහ බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩීසී බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද ආඥාපතිවරයා සමඟ මෙම සංචාරය සදහා එක්ව සිටියහ.