Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th July 2023 16:43:03 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයා පනළුව වෙඩි පිටියේ සංචාරයක නිරත වෙයි

ආරක්ෂක සේනා (බටහිර) නව බලඇණි පුහුණු පාසල ස්ථාපිත කිරීමට යෝජිත ස්ථානය පරීක්ෂා කිරීම සඳහා 2023 ජුලි 12 වන දින ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් පානලුව ක්ෂේත්‍ර වෙඩි පිටියේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී බලඇණි පුහුණු පාසල ස්ථාපිත කිරීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ඔහු දැඩි අවධානයක් යොමු කළේය. විශේෂයෙන්ම පුහුණු භූමිය, පරිපාලන ගොඩනැගිලි සහ නවාතැන් පහසුකම් ඇතුළුව එම ස්ථානයේ පවතින ව්‍යුහයන් සහ පහසුකම් පිළිබඳව ඔහු දැඩි අවධානයක් දැක්වීය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්, 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආරක්ෂක සේනා (බටහිර), 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරය සදහා එක්විය.