Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th April 2024 06:53:26 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 611 පාබල බලසේනාවේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (මාර්තු මස 13) දින 611 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඩී.එල්.එස්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව භටපිරිස් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය. අනතුරුව, බලසේනාධිපතිතුමන් විසින් සිය බල ප්‍රදේශයේ කාර්යභාරයන් හා වගකීම් ඇතුළු වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීය. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.