22nd September 2024 12:18:52 Hours
ආරක්ෂකසේනා ආඥාපති (බටහිර) සහ ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 අගෝස්තු මස 27 වන දින 14 පාබල සේනාංකයේ සහ 142 පාබල බළසේනාවෙහි නිල සංචාරයක නිරතවිය.
ප්‍රථමයෙන් ආඥාපති (බටහිර) 14 වන පාබල සේනාංකයේ සංචාරය සිදුකල අතර, සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිලිගන්නා ලදි. ඉන් අනතුරුව බළප්‍රදේශය පිලිබද සේනාංකාධිපති විසින් ආඥාපති තුමන් දැනුවත් කරන ලද අතර, සිය සංචාරය සනිටුහන් කරමින් ආඥාපති තුමන් විසින් සමරු පොතෙහි අත්සන් තබන ලදි.
ඉන් අනතුරුව ආරක්ෂකසේනා ආඥාපති (බටහිර) 142 පාබල බලසේනාව් සංචාරය සිදුකරන ලද අතර, බලසේනාධිපති විසින් ආඥාපති තුමන් පිලිගත් අතර, කදවුරු ආරක්ෂකමුරයක්ද පිරිනමන ලදි. ඉන් පසුව බළප්‍රදේශය පිලිබදව හා ඔවුන් හට පැවරි ඇති රාජකාරි පිළිබද ආඥාපති තුමන් දැනුවත් කරන ලද අතර, සියළු නිලයින් සමග පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව සංචාරය නිමා කරන ලදි.
මෙම සංචාරය සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති/බළසේනාධිපති වරුන්/ආරක්ෂකසේනා මුලස්ථානය (බටහිර) මාණ්ඩලික නිලධාරින්/14 පාබල සේනාංකයේ සහ 142 පාබල බළසේනාවේ මාණ්ඩලික නිලධාරින් කිහිප දෙනෙකු සහ අණදෙන නිලධාරින් සහභාගි වන ලදි.