Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th June 2022 20:26:32 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මගින් ආරක්ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මෙන්ම බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සමුහ මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් 2022 ජූනි 06 වන දින බළසේනාධිපතිවරුන්, කොට්ඨාශමුල අණදෙන නිලධාරි, ඒකක අණදෙන නිලධාරින්, ශ්‍රි ලංකා නාවික හමුදාව හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කොටිඨාශමුල අණදෙන නිලධාරින්ගේ සහභා ගිත්වයෙන් ආරක්‍ෂක සමිබන්ධිකරණ සාකච්ඡාවක් ආරක්‍ෂක සේනා (බටහිර) දේශණ ශාලාවේදි පවත්වන ලදි.

මෙම සාකච්ඡාවේදී, ආඥාපතිතුමන් විසින් සම්බන්ධ වීමේ නීති, බළප්‍රදේශයේ ආරක්ෂාව පිළිබදව වර්තමාන තත්වය සහ විවිධ මෙහෙයුමි සිදුකිරිමේදි ත්‍රිවිධ හමුදාවේ සමිබන්ධවිමේ ඇති වැදගත්කම වැනි වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. එමෙන්ම ශ්‍රි ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධීකරණය කිරිමේ දුෂ්කරතා සහ පරිපාලන දුෂ්කරතා සහ අනෙකුත් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු සහ එම ගැටළු සදහා අවශ්‍ය උපදෙස් ආඥාපතිතුමන් විසින් ලබා දෙන ලදී. තවද, බළප්‍රදේශයන්හි ආරක්ෂාව සදහා අවශ්‍ය කරන පියවරයන් පිළිබදව එතුමන් පැමිණි නිලධාරින් වෙත උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා රත්මලාන ගුවන් හමුදා කදවුරභාර ආඥාපති එයාර් වයිස් මාර්ෂල් කේ ඩී ජී එන් ජයසිංහ එමිඑස්සි පිඑස්සි, ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ ඩබ්ලිව් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) මාණ්ඩලික නිලධාරින් කිහිප දෙනෙකු ද එක්විය.