Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd June 2022 15:52:41 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර භට පිරිස් විසින් පැලවත්ත ප්‍රදේශයේ ආපදා සහන කටයුතු මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2022 මැයි 31 වන දින පැලවත්ත - වලල්ලාවිට මාර්ගය සහ පැලවත්ත - බදුරලිය මාර්ගය ජලයෙන් යට වු අතර, 612 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 12 ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා සහය විය. තවද, ප්‍රදේශයේ දේපළ හානි හේතුවෙන් විපතට පත් අතරමංව සිටි පුද්ගලයින් මුදා ගැනීමට ද භට පිරිස් කටයුතු කර කරන ලදී.

මෙම ආපදා සහය ක්‍රියාවිතය සදහා 612 බලසේනාවේ බලසේනාධිපති තුමන්ද සහභාගි වු අතර, ඔහුගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ආපදා සහන කටයුතු සිදුවිය.