Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th September 2022 06:18:47 Hours

ආරක්ෂක සේනා භටපිරිස් තවත් පුණ්‍ය කටයුත්තක් සිදුකරන් ලබයි

පූජ්‍ය හෝමාගම සීලවංශ හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 11 වන දින පුරාණ පිටිපන විහාරස්ථානයේදි පවත්වන ලදි.

මේ සදහා පනාගොඩ යුද හමුදා ජනපදයේ රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් විසින් මෙම ලේ දන්දිමේ වැඩසටහන සදහා ලේ පරිත්‍යාග කිරීමට සහය වී ඇති අතර, ලේ දන්දීමේ වැඩසටහන නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුවේ සම්බන්ධීකරණයෙන් පුරාන පිටිපන විහාරස්ථානය විසින් සංවිධානය කරන ලදී.

ලේ දන්දිමේ වැඩසටහන සදහා ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි පනාගොඩ යුද හමුදා ජනපදයේ රාකාරි නියුතු යුද හමුදා සාමාජිකයින් 60 දෙනෙකු මෙම ලේ පරිත්‍යාග කිරිම සදහා ඉතා උනන්දුවෙන් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායක විය.