Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st November 2022 11:15:50 Hours

ආරක්ෂක සේනා (බටහිර) 10 වැනි සංවත්සරය සමරමින් සංගීත රාත්‍රියක් සමඟින් අවසන් විය

ආරක්ෂක සේනා (බටහිර) 10 වැනි සංවත්සරය සමගාමිව 2022 නොවැම්බර් මස 17 වන දින ක්‍රිකට් තරගාවලියක් සහ සංගීත රාත්‍රියක් සංවිධානය කරන ලදි.

සංවත්සරය සමරිම සදහා ආරක්ෂක සේනා ආඥාපති අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කරමින් ආරක්ෂත සේනා (බටහිර) සමගින් 14 පාබල සේනාංකය, 61 පාබල සේනාංකය, 141 පාබල බලසේනාව, 142 පාබල බලසේනාව, 143 පාබල බලසේනාව, 144 පාබල බලසේනාව, 611 පාබල බලසේනාව, 612 පාබල බලසේනාව සහ 613 පාබල බලසේනාවන්හි කණ්ඩායම් 10 ක් අතර කාණ්ඩ දෙකක් යටතේ කි‍්‍රකට් තරඟාවලිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම තරඟාවලිය 2022 නොවැම්බර් 12 දින සිට ආරම්භ වූ අතර, එහි අවසන් තරගය 613 පාබල බලසේනාව සහ 143 පාබල බලසේනාව අතර 2022 නොවැම්බර් මස 16 දින පැවත් විය.

අනතුරුව , සංගීත කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ සංගීත රාත්‍රිය ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහභාගිවිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩාශීලිත්වය නංවාලීම සඳහා සෙබළුන්ගේ ජවය සහ උද්යෝගය යළි ප්‍රබෝධමත් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය එහි ශූරතාව හිමිකරගත් 613 පාබල බලසේනාවට අයත් ක්‍රිකට් කණ්ඩායම වෙත රුපියල් 100000.00 මුදල් ත්‍යාගය සහ කුසලානය පිරිනැමුණු අතර, 143 වන පාබල බලසේනා කණ්ඩායම විසින් හිමිකරගත් අනුසූරතාවට රුපියල් 50000.00ක මුදල් ත්‍යාගයක් සහ අනුශූර කුසලානය සහ තරගාවලියේ වීරයා සම්මානය සදහා 15000.00 මුදල් ත්‍යාගයන් සහ කුසලානයක් පිරිනමන ලදී.