Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th October 2022 16:10:29 Hours

ආරක්ෂක සේනා (බටහිර) සෙබලුන් ඩෙංගු මර්දන වැඩසටහනකට සහාය වෙයි

දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන් වලට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ ස්ථාපිත 14 සහ 61 පාබල සේනාංක භටපිරිස් විසින් 2022 ඔක්තෝම්බර් 03 දින සිට 05 දින දක්වා කාලය තුළ ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක 5 ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප 17 ක් ආවරණය කරමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන සදහා යුධ හමුදා සෙබලුන්ගේ දායකත්වය ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ සහ 14 හා 61 පාබල සේනාංකයන්ගේ සේනාංකාධිපතිවරුන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සිදුවිය.

මෙහිදි නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් පොදු ස්ථාන පරීක්ෂාවට ලක් කරන ලදී. 14 සහ 61 පාබල සේනාංකවලට අයත් 60 ක භටපිරිස් ප්‍රමාණයක්, ප්‍රදේශයන්හි වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා එක්ව සිටියහ.