Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th January 2023 19:01:53 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් බලප්‍රෙද්ශය තුල රාජකාරි නියුතු සිවිල් සේවක මහතුන් වෙත නව වසර උදාව සමරමින් වියළි සලාක පරිත්‍යාගයන් සිදු කරනු ලබයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 142 පාබල බලසේනාව විසින් 2023 ජනවාරි මස 02 දින නව වසරේ රාජකාරි ආරම්භ කිරිමට සමගාමිව කඳවුරු පරිශ්‍රය තුළදි සිවිල් සේවක මහතුන් හට වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

142 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ආර් පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, 142 බළසේනාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 16 දෙනෙකුට එහිදි වියළි සලාක මළු බෙදාදෙන ලදි. මෙම අවස්ථාවට 142 වන පාබල බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.

මේ අතර, ඉහත වැඩසටහනට සමගාමිව 144 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 බළඇණිය ශ්‍රී ලංකා පුරෝගාමී බළකාය විසින්ද, එම බළකායේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මින් සඳහා වියළි සලාක මළු 19 ක් ද බෙදාදිමට කටයුතු කර ඇත.