Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th January 2023 11:30:33 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙතින් වත්මන් ආරක්ෂක තත්වය තුල නිතීය හා සාමය පවත්වා ගෙන යාම සදහා යුද්ධ හමුදාව හා පොලිසීයේ කාර්යභාරය පිළිබද දේශණයක් පවත්වයි.

2023 ජනවාරි 12 වන දින යුද්ධ හමුදා ජනපදය පනාගොඩ පිහිටි රෙම ශ්‍රිලපාහ දේශණ ශාලාවේදී ආරක්ෂක සේනා (බටහිර) සංවිධානත්වයෙන් වත්මන් ආරක්‍ෂක තත්ත්වය තුළ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සහ ක්‍ෂේත්‍ර මෙහෙයුම් වලදී පවතින නීතිමය රාමුව යටතේ යුද හමුදාව සහ පොලිසිය සමග සම්බන්ධීකරණය යන මාතෘකාව යටතේ මෙම ආසේමු බලප්‍රදේශයට අයත් භඨ පිරිස් සහභාගිත්වයෙන් දේශණයක් සංවිධානය කළ අතර, ඒ සදහා නිලධාරීන් 90 දෙනෙකු සහ සෙසු නිලයින් 270 දෙනෙකු සහභාගී විය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබිලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව නියෝජ්‍ය පොලිස්පති (අපරාධ සහ රථවාහන) කමල් සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නීති පද්ධතියේ මූලාශ්‍ර, අධිකරණ පූර්වාදර්ශය, නීතිය වර්ගීකරණය, අධිකරණ ක්‍රියාවලිය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හමුදාවට පැවරීම වැනි නිතීමය වැදගත් කරුණු ආවරණය කරමින් දේශනයක් පවත්වන ලදී. දේශනයෙන් අනතුරුව මෙම දේශණය සදහා සහභාගී වු නිලධාරි/ සෙසුනිලයින්ගේ ප්‍රශ්ණ සහ ගැටළු පිළිබදව සාකච්ජා කරන ලදී.

අනතුරුව දේශනය අවසානයේදී 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් දේශණය සදහා පැමිණී සිටි නියෝජ්‍ය පොලිස්පති (අපරාධ සහ රථවාහන) කමල් සිල්වා මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් මෙම අවස්ථාවට සහභාගීවීම අගය කර සිටි අතර, ඔහු වෙත සිය කෘතඥතාවය පළ කළේය.

තවද, ආරක්ෂ සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම දේශණය සදහා මෙම ආරක්ෂ සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත රෙජිමේන්තු මධස්ථාන සහ බළඇණි වල භට පිරිස් තම අදහස් හා යෝජනා දක්වමින් ඉතා උනන්දුවෙන් සහභාගී විය.