Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th December 2022 10:18:37 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙතින් මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ මානව හිමිකමි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ටී සී කේ. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් 2022 දෙසැම්බර් 10 වන දින ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව මානව හිමිකම් පිළිබඳ වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 දෙසැම්බර් 09 වන දින ආරක්ෂක සේනා (බටහිර) සමිබන්ධිකරණයෙන් මානව හිමිකම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අතර, එය යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විය.

වර්තමාන සමාජය තුල මානව හිමිකම්වල ඇති වැදගත්කම සහ යුද්ධ හමුදා භටපිරිස් සිවිල් සමාජයන් සමග සිය රාජකාරි ඉටු කිරිමේදි මානව හිමිකම් සැබැදිව සිවිල් ජනතාවගේ සිවිල් අයිතීන් ආරක්ෂා කිරිම සබැදිව මෙම දේශණය ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් බලප්‍රදේශයන්හි රාජකාරි නියුතු නිලධාරීන් සහ සෙබළුන් දැනුවත් කිරීම සඳහා මෙම කාලීන වැදගත් දේශනය සංවිධානය කරන ලදි.

මෙම දේශණයන් සැසිවාර දෙකකින් සමන්විත වූ අතර, මෙම දේශණයන් සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන සහ විශේෂ වැඩසටහන් අධ්‍යක්ෂ නීතිඥ මේනකා හේරත් මහත්මිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ නීතිඥ සුලාරි ලියනගම මහත්මිය විසින්ය. මෙම දේශනවලදී මූලික මිනිස් අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, සිරකරුවන්ගේ අයිතීන්, කම්කරු අයිතිවාසිකම්/සේවක අයිතීන් ආදිය පිළිබඳව සාකච්ඡා කරන ලදී. ඊට අමතරව යුද්ධ හමුදා භටපිරිස් සිවිල් සමාජය හා සමග රාජකාරි ඉටුකරනු ලබන අවස්ථාවන්හිදි ඇතිවන ගැටළු හා ප්‍රශ්ණ පිළිබදව මෙහිදි සාකච්ඡාවට භාජනය විය.

තවද, මෙම දේශණය මානව හිමිකම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කිරිමට මුලික හේතුව වුයේ ආරක්ෂක සේනා (බටහිර) දිවයිනේ වගකිව යුතු රාජකාරි බලප්‍රදේශයක් ආවරණය කරමින්, විවිධ වසංගත තත්ත්වයන්, ආපදා කළමනාකරණය, වත්මන් ආර්ථික අර්බුදයන් සමඟ කලබලකාරි තත්වය තුල සුවිශාල කාර්ය භාරයක් සිදු කිරිමය.

මෙම දේශන සඳහා ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 පාබල සේනාංක බලප්‍රදේශයට අයත් සහ යුද්ධ හමුදා ජනපදය පනාගොඩහි රාජකාරි සිදු කරනු ලබන නිලධාරීන් 50 ක් සහ සෙසු නිලයින් 150 ක් පමණ සහභාගී වූහ.