Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th September 2022 06:14:22 Hours

ආරක්ෂක සේනා (බටහිර) විසින් පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමය විහාරස්ථානයේ දී ධර්මදේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී

ලුතිනන් ජෙනරාල් එචිඑල්විඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යුද්ධ හමුදා පතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සාමාජිකයින් විසින් 2022 සැප්තැම්බර් 08 වන දින පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ දී “සුමධුර ධර්මදේශනා” වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව පවත්වන අතර, ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) සහ යුද හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ඩී.එම්.කේ.ඩී.බී පුසුසැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ධර්ම දේසනා වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන්නට විය.

මෙම ධර්ම දේශනා වැඩසටහන සදහා යුද්ධ හමුදා ජනපදය සහ ස්වේච්ඡා බලකා මූලස්ථානයේ තුල රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 250 ක පිරිසක් මෙන්ම පනාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 50 කට අධික ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වූහ.