Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd June 2023 15:16:27 Hours

ආරක්ෂක සේනා (බටහිර) යුධ හමුදා සාමාජිකයින් සිතියමි කියවීම පිළිබද වැඩමුළුවක් පාසල් සිසුන් සදහා පවත්වයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 පාබල බලසේනාවට අයත් 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුධ හමුදා සාමාජිකයින් විසින් 2023 ජුනි 15 වන දින කොළඹ මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය භටයින් හට සිතියම් කියවීම පිළිබඳ දේශනයක් එම පාසල් පරිශ්‍රයේදී පවත්වා ඇත.

මෙහි අරමුණ වූයේ ශිෂ්‍යභටයින් හට සිතියම් කියවීම පිළිබඳ මූලික දැනුම ලබා දීම සහ සිතියම් භාවිතයෙන් තැනකින් තැනකට ගමන් කිරීමට අවශ්‍ය දැනුම ඔවුන් හට ලබා දීමයි. තවද සිතියම් හඳුන්වාදීම, සිල්වා මාලිමා යන්ත්‍රය භාවිතය ඇතුළු මූලික සිතියම් කියවීම කෙරෙහි අවධානය යොමු කරමින් දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙකක් ද පවත්වන ලදී.

මෙම වැඩමුළුව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ අනුමැතිය යටතේ පැවැත්වූ අතර 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් හතර දෙනෙකු විසින් ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් භාවිතා කරමින් ශිෂ්‍යභටයින් හට සිතියම් කියවීම පිළිබදව මනා දැනුමක් ලබා දෙන ලදී.