Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th June 2023 17:54:00 Hours

ආරක්ෂක සේනා ( බටහිර) යටතේ පාලනය වන 14 සහ 61 පාබල සේනාංකවල භට පිරිස් පොසොන් උත්සවය සැමරීම සඳහා දායක වේ

2023 පොසොන් උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 14 සහ 61 පාබල සේනාංක විසින් ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම බළ ප්‍රදේශයන් තුළ පුණ්‍ය හා ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විය.

ඒ අනුව, 2023 මැයි මස 31 වන දින කෝට්ටේ රජමහාවිහාරයේදී විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පරිදි 144 පාබල බලසේනාවේ යුධ හමුදා භට පිරිස් විසින් ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදු කරන ලදි. මෙම ව්‍යාපෘතියේ දී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විහාරස්ථානය අවට පවිත්‍ර කිරීම සහ විහාරස්ථාන පරිශ්‍රයේ සහ ඒ අවට වැඩී තිබූ වල් පැළෑටි කපා දැමීම සිදු කරන ලදී.

එමෙන්ම, කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානය විසින් 2023 ජුනි මස 03 වන දින සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද බත් දන්සලක් සා ර් ථ ක ව පැවැත්වීම සඳහා 144 පාබල බලසේනාවේ භට පිරිස් ශ්‍රම දායකත්වය ලබා දුන්හ.

මේ අතර, 61 පාබල සේනාංකය යටතේ පාලනය වන 613 පාබල බලසේනාවේ 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් තවත් පුණ්‍ය කටයුත්තක් සිදු කරන ලදී. 2023 ජූනි 03 වැනි දින ‘පරෙවි දූව’ විහාරය නමින් හඳුන්වනු ලබන මාතර රන්දුපත උපෝසථාගාර රජමහා විහාරයේ චෛත්‍යයක් ඉදිකිරීමට ඔවුහු තම ශ්‍රම දායකත්වය ලබා දි ඇති අතර ව්‍යාපෘතිය අතරතුර, භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාම සදහා දායකත්වය ලබා දෙන ලදී.

මේ අතර "පන්සිල් රකින ලුම්බිණියක්" යන තේමාව යටතේ 2023 ජූනි මස 03 වන දින කොළඹ ලුම්බිණි විද්‍යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් කලාපය සඳහා 14 වන පාබල සේනාංක භට පිරිස් තම ශ්‍රම දායකත්වය ලබා දුන් අතර මෙම පොසොන් කලාපයට දන්සලක් සහ අලංකාර පොසොන් කූඩු රැසක් ද ඇතුළත් විය. තවද මෙම පොසන් කලාපය කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකුව සිටි ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ මහතාට පිං පිණිස සහ මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ ආබාධිත රණවිරුවන්ට ආශී ර් වාද කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එමෙන්ම 143 වන පාබල බලසේනා මූලස්ථානය මගින් බත් දන්සලක් පැවැත් වු අතර, මෙම බත් දන්සල මගින් පුත්තලම ප්‍රදේශයේ පොසොන් අසිරිය නැරඹීම සදහා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් 3000 කට පමණ පිරිසකට ආහාර සකස් කර බෙදා දිමට කටයුතු කරන ලදි.

තවද, 142 පාබල බලසේනාවට අයත් 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් 2023 ජුනි 03 සහ 04 යන දෙදින තුළ පොසොන් උත්සවයට සමගාමීව වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙහිදි ප්‍රථමයෙන් ධ ර් ම දේශනා පිංකමක් සහ බොධිපුජා පිංකමක් පැවැත් වු අතර, එයට සමගාමිව ‘මිහින්තලය’ ප්‍රධාන දොරටුව අසල ප්‍රදර්ශණය කිරිමට කටයුතු කරන ලද අතර ඔවුන් විසින් පොසොන් පොහොය වැදපුදා ගැනිමට පැමිණෙන බැතිමතුන් හට ‘කොස් දන්සලක්’ ද සංවිධානය කිරිමට කටයුතු කලහ.

මෙම වැඩසටහන් 14 සහ 61 පාබල සේනාංක සේනාංකාධිපති වරුන්ගේ අදාළ බළප්‍රදේශයන්හි බළසේනාධිපතිවරුන්ගේ සහ අණදෙන නිළධාරිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය.