Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th June 2022 16:22:46 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් වියළි සලාක ලබාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සීමාසහිත Tan Nagak & Kee Meng Leng පදනම (සිංගප්පූරුව) හා 141 පාබල බලසේනාව හා ඒක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1500ක් සඳහා 2022 ජුනි 27 දින වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙහිදි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වැලිවේරිය, දෙල්ගොඩ, නිට්ටඹුව සහ කණ්ඩලම යන ප්‍රදේශයන්හි මෙම වැඩසටහන සිදුකරනු ලැබු අතර, වියළි සලාක මල්ලක් සහල්, පරිප්පු, සෝයා මීටි පැකට්, ලුණු පැකට් ආදියෙන් සමන්විත විය. ඒක් වියළි සලාක මල්ලක වටිනාකම රු. 1500.00 න් යුත්ත වු අතර රැපියල් 2250000.00 වටිනා වියළි සලාක මලු මේහිදි බෙදා දෙන ලදී.

තවද, මෙම උදාර කර්තව්‍යය සඳහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සීමාසහිත Tan Nagak & Kee Meng Leng පදනම (සිංගප්පූරුව) විසින් මුල්‍ය දායකත්වය ලබා දුන් අතර, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් පී ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වියළි සලාක මලු බෙදාහැරිමේ සංවිධාන කටයුතු 141 වන පාබල බලසේනාවේ යුධ හමුදා භටපිරිස් විසින් සිදු කලහ. මේ සදහා සුදුසුකම් ලත් පවුල් තෝරාගැනීමට අදාළ ග්‍රාමසේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් 141 වන පාබල බලසේනා සම්බන්ධතාවයෙන් යුතුව සිදු කරන ලදී.

මෙම වැඩසටහන 141 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර මෙම අවස්ථාව සදහා 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි ඒකක අණදෙන නිලධාරිවරුන් , කොටිඨාශමුල අණදෙන නිලධාරිවරුන්, 141 පාබල බලසේනාංකයට අයත් මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින්, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සහ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් සහභාගී විය.