Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th July 2023 14:58:48 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් ලැව් ගින්නක් මැඩපවත්වයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනාවේ 8 වන ගැමුණු හේවා බළඇණියේ යුධ හමුදා සාමජිකයින් විසින් 2023 ජූලි 22 වන දින කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කෝන්ගහමංකඩ ප්‍රදේශයේ වියළි කාලගුණය හේතුවෙන් ඇතිවු ගින්නක් මැඩපැවත් විමට කටයුතු කර ඇත.

කල්තොට ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි යුධ හමුදා භට පිරිස් විසින් ඉතා කඩිනමින් එම ස්ථානයට ගොස් තත්ත්වය පාලනය කිරීමට කටයුතු ආරම්භ කළහ.

මෙහිදි පැය දෙකක් ඇතුළත යුද හමුදා සාමාජිකයන් විසින් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට කටයුතු කර ඇත.

තවද, මෙම එම ක්‍රියාන්විතය ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි 611 වන බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරී විසින් සමීපව අධීක්ෂණය කරන ලදී.