Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th January 2023 17:30:45 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් දායකත්වයෙන් තවත් උතුම් කාර්යක් සිදුකරනු ලබයි

2023 ජනවාරි මස 05 වන දින ශාන්ත මරියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - කෑගල්ල ඉගෙනුම ලබන පාසල් දරුවන් වෙත පොත්පත් හා පාවහන් යුවල් ලබාදීමේ වැඩසටහනක් සිදුකරන ලද අතර, මේ සදහා මුල්‍යමය දායකත්වය හේමාස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය විසින් දක්වා ඇත. එහිදි පාසල් ළමුන් 50 දෙනෙකු සදහා පොත්පත් ලබාදීම සහ එම පාසලේ දරුවන් 15 දෙනෙකු සදහා පාවහන් යුවල් සහ ඊට අදාල මේස් යුවල් ලබාදීම එම පාසල් පරිශ්‍රයේදී සිදුකර ඇත.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් එරගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ එම බලඇණියේ භට පිරිස් විසින් බෙදාදීමේ කටයුතු සිදුකරන ලදී.මෙම පාසල් උපකරණ වටිනාකම රු. 2000 සහ පාවහන් යුවල් සදහා වු සම්පුර්ණ පිරිවැය රු.165000.00 පමණ විය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වුයේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල සිටින පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නංවාලීම සහ ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් සහ යුධ හමුදාව අතර සුහදතාවය වර්ධනය කිරිමත්ය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයින් වශයෙන් විරු කැකුළු පෙර පාසලේ ජ්‍යෙෂ්ඨ සමාජිකා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් වෙනුවෙන් එම මැතිණිය වන හිමාලි පුස්සැල්ල මහත්මිය සහ 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍ර්ගෙඩියර් ඩබ්ලිව් එම් එස් එන් එරගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, එම පාසලේ කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ද සහභාගී වූහ.