Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd June 2022 15:54:48 Hours

ආරක්ෂක සේනා බටහිර භට පිරිස් ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරයි

2022.06.01 දින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් රණවිරු සෙවණ - රාගම අසල සිරිවර්ධන පාරට ගසක අත්තක් කඩා වැටීමෙන් ඇති වු අවහිරතාවයෙන් ගමනාගමනයට බාධා සිදුවු අතර, මාර්ගයෙන් ගස ඉවත් කිරීම සඳහා 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ භට පිරිස් මෙන්ම රාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද සහභාගි විය.

තවද, මෙම අවස්ථාව සදහා 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි තුමන්ද සහභාගි විය.