Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th September 2022 12:41:32 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායකත්වය ලබා දෙයි

ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සහ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය 2022 සැප්තැම්බර් මස 17 දිනට යෙදි තිබු අතර, ඊට සමගාමිව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත සිවිල් ජනතාව තුළ ආකල්පමය පිබිදීමක් ඇති කිරිම වස් ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් බස්නාහිර සහ දකුණු වෙරළබඩ තිරයන් ආවරණය කරමින් ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදියෙන් හා කැලි කසල වලින් පිරි පැවති වෙරළ පිරිසිදු කිරිම සදහා ප්‍රජාවන්ගේ දායකත්වය ලබා ගනිමින් 14 හා 61 පාබල සේනාංක‌ෙය් වෙරළ තිරයන් පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 17 දින සිට 24 දින දක්වා පැවැත්විය.

ඒ අනුව 143 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සැප්තැම්බර් 18 දින සිට 24 දිනයන්හිදි 143 වන පාබල බලසේනාධීපතිගේ හා කොට්ඨාශ මුල22 භාර නිලධාරි තුමන්ගේ ( මාදම්පේ) අධීක්ෂණය යටතේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙයට සමගාමිව 612 පාබල බලසේනාවට අයත් 12 වන ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් භටපිරිස් පිරිස් කළුතර සිට බේරුවල දක්වා වෙරළ තීරයේ කිලෝමිටර් 1 ක පමණ කොටසක් කළුතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන්හ. තවද, 141 පාබල බලසේනාවේ භටපිරිස් සමග 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාව, 2 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සමගින් MEPA ආයතනය, සහ මීගමුව නගර සභාව එක්ව සැප්තැම්බර් 23 වන දින මීගමුව සිට පෝරුතොට දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි.

තවද මේ අතර, 613 පාබල බලසේනාවට අයත් 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් 2022 සැප්තැම්බර් 20 සහ 21 යන දිනයන්හිදී සුජාතා විද්‍යාලයේ සහ ශාන්ත මරියා කන්‍යාරාමයේ පාසල් දරුවන්ගේ සහයෝගය ඇතිව වැල්ලමඩම සහ පරෙවි දූපත - මාතර වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහා දායක වුහ. එමෙන්ම 613 පාබල බලසේනාව අයත් 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් සමග Help O සංවිධානය (NGO), ගාල්ල පොලිස් ස්ථානයේ සහ ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් 2022 සැප්තැම්බර් මස 23 දින ගාල්ල වෙට වෙරළ තිරය පිරිසිදු කිරිමේ වැඩසටහන පවත්වන ලදි. ක්තවද, 142 පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බළඅණියේ භටපිරිස් 2022 සැප්තැම්බර් මස 22 දින කොළඹ නගර සභාවේ සහයෝගය ඇතිව කාක දුපත වෙරළ තිරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

මෙම වෙරළ පිරිසිදු කිරිම් හා සංරක්ෂණය කිරිමේ වැඩසටහන සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ සේවයේ නියුතු යුද හමුදා භටපිරිස් 200ක් තම දායකත්වය දක්වන ලදි.