Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st May 2022 13:11:54 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් විසින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සදහා සහය දක්වයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සහ යුද්ධ හමුදා ත්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) 180 පමණ භටපිරිස් සහභාගිත්වයෙන් 2022-05-18 වන දින සිට 2022-05-24 වන දින දක්වා ගාල්ල සහ මාතර දිස්ත්‍රික් ආවරණය වන පරිදි සෞඛ්‍ය පරික්ෂක වරුන්, පොලිස් නිලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් මගින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මදුරු මර්ධන වැඩසටහනක් පැවැත්විය. මෙි සදහා 61 පාබල සේමු සහ 613 පාබල බසේමු වෙතින් භට පිරිසක් සහභාගි කරවන ලදි.

එහිදි එම දිස්ත්‍රික්කයන්හි ග්‍රාම නිලධාරි වසම් 31 ක් ආවරණය කරමින් නිවාස, පොදු ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන 9346 ක ප්‍රමාණයක් පරික්ෂාවට ලක්කර මදුරු මර්ධනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ උපදෙස් ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදෙන ලදි.