Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th January 2023 15:26:24 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් විසින් මුහුදු රළ පහරට ගසාගෙන යමින් සිටි ජිවිත දෙකක් බේරාගැනිම සදහා උපරිම සහය ලබාදෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි මෙම බළප්‍රදේශයට යටතේ පාලනය වන 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාව යටතේ පිහිටි 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් 2023 ජනවාරි මස 01 දින සවස් වරුවෙි මාතර මුහුදු තිරයේ දියනෑමට ගොස් මුහුදු රළ පහරට ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුදවා ගෙන කඩිනමින් මාතර රෝහල වෙත යැවිමට කටයුතු කරන ලදි.

මෙම මුදවා ගැනිමේ ක්‍රියාන්විතය සදහා 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ එක් නිලධාරියෙකු සහ සෙසුනිළයින් නවදෙනෙකුගෙන් යුත් කණ්ඩායවමක් ජිවිත ආරක්ෂක උපකරණ සමගින් සහභාගි විය.