Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2022 12:35:06 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් බදාදා දින පුහුණුවට සමගාමිව තවත් වැදගත් කලෝචිත දේශණයක් සදහා සහභාගි වෙයි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදේස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරි 19 ක් සහ සෙසු නිලයන් 120 ක් පමණ සහභාගිත්වයෙන් 'ගැටළු සහ ගැටළු නිරාකරණය කිරිමේ පියවර' පිළිබඳ කාලෝචිත දේශණයක් ආරක්‍ෂක සේනා (බටහිර) බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍ර්ගේඩියර් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පවත්වන ලදි.

මෙම දේශණය 2022 ඔක්තෝබර් මස 12 වන දින බදාදා දින පුහුණු වැඩසටහනට සමගාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථාන දේශණ ශාලාවේදී පවත්වන ලද අතර, ප්‍රශ්ණ හා සාකච්ඡා තුළින් ගැටළු හඳුනා ගන්නා ආකාරය සහ ඒවා විසඳා ගත හැකි ආකාරයන් පිළිබඳව නිදසුන් සහභාගිවුන් දැනුවත් කරන ලදි.