Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th February 2023 12:21:40 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහාය වෙති

මේ දිනවල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය කඩිනම් කිරීමේ අරමුණින් පසුගිය සතිය තුළ රෝගීන් රැසක් වාර්තා වු අත්තනගල්ල සහ කොටිකාවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 2023 පෙබරවාරි 6 සිට 11 දක්වා කාලය තුළ තවත් ඩෙංගු මර්දන වැඩසටහනක් සදහා සිය දායකත්වය ලබා දුනි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සමග එක්ව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල විසින් සංවිධානය කරන ලදී. 141 පාබල බලසේනාව යටතේ ස්ථානගත 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 144 පාබල බලසේනාව යටතේ ස්ථානගත 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

මෙම වැඩසටහන වෙතින් නිවාස, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ සහ ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් පොදු ස්ථාන පරීක්ෂාවට ලක් කරන ලද අතර ඩෙංගු වසංගතය සහ එහි ව්‍යාප්තිය පිළිබඳවද ජනතාව දැනුවත් කරන ලදී.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත, බලසේනාධිපතිවරුන් සහ අදාල ප්‍රදේශවල අණදෙන නිළධාරීන් විසින් යුධ හමුදාවේ සහභාගිත්වය සමීපව අධීක්ෂණය කරන ලදී.