Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th September 2022 11:45:22 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩුආදයම්ලාභි පවුල් සඳහා වියළි සලාක මළු ලබාදීමට දායකත්වය දක්වයි

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ Tan Ngak Buay & Kee Meng Lang Foundation limited (Singapore) යන සංවිධාන මුල්‍ය දායකත්වය කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය උඳුගොඩ, හෙට්ටිමුල්ල, කොටියාකුඹුර, ගලිගමුව, අරන්දර යන ප්‍රදේශවල පදිංචි අඩු ආදයමිලාභි තෝරාගත් සඳහා 2022 අගෝස්තු 31 වැනි දින කෑගල්ල ප්‍රධාන තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සම්බන්ධීකරණය කරන ලද අතර, 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සංවිධානයෙන් සිදුවිය.

මෙම වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහන සදහා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ කෑගල්ල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, එහිදි රුපියල් 1500.00 බැගින් වටිනා වියළි සලාක මළු 300 ක් අඩු ආදායම්ලාභි පවුල් වෙත බෙදා දෙන ලදී. මෙහිදි පවුල් තෝරා ගැනීම අදාළ ග්‍රාමසේවා නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් 611 පාබල බලසේනාවේ සමිබන්ධතාවය සමගින් සිදුකර ඇත.

තවද, මෙම වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහන සදහා 611 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් එල්ඒජේඑල්බි උඩෝවිට ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, කෑගල්ල දිසාපතිතුමන්, කෑගල්ල ප්‍රදේශිය ලේකම් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ප්‍රදේශයේ ආගමික නායකයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම පුණ්‍ය කටයුත්තට එක්විය.