Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:34:50 Hours

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් භට පිරිස් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 14 වන පාබල සේනාංකයට අයත් 143 පාබල බළසේනා බළප්‍රදේශයේ ස්ථාපිත අයත් 1 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මාර්තු මස 10 වන දින සිට 11 දින දක්වා දිනයන්හි කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිඋල්ල අධ්‍යාපන කාලාපයේ පිහිටි ගිරිඋල්ල මැද්දේපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක තින්ත ආලේප කිරිම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායකත්වය ලබාදි ඇත.

මේ සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති වරයාගේ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් මත එම පාසලේ පාසල් බලධාරින්ගේ ඉල්ලිම පරිදි 1 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් නිලධාරිය/සෙසු නිලයින් එම කාර්ය සදහා යොමුකරන ලදි.

මෙම වැඩසටහන 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 1 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි තුමන් විසින් භටපිරිස් දායකත්වය අධික්ෂණය කරන ලද අතර ප්‍රතිසංස්කරණ කටයුතු සදහා තින්ත සහ අනෙකුත් ද්‍රව්‍ය කොළඔ සදාහරිත සිංහ සමාජය විසින් ලබාදි ඇත.