Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:13:52 Hours

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් භටපිරිස් කෑගල්ල ප්‍රදේශයේ ඇතිවු ගින්නක් මැඩපැවැත්විමට සහය වෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකය වෙත අයත් 611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 වන සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් 2023 මාර්තු මස 13 වන දින කෑගල්ල රංවල ප්‍රදේශයේ තාවකාලික නිවාස දෙකක්තුල ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්විම සදහා සහය දැක්විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම මත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකුගේ සහය සමගින් මාවනැල්ල ගිනි නිවන ඒකකය සහ කෑගල්ල පොලිස් නිලධාරින් සමග එම ස්ථානයට පැතිර ගිය ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කරන ලද අතර, ඇතිවිමට ගිය හානිය එමගින් අවම විය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 611 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ හමුදා භටපිරිස් ගින්න නිවිම සදහා තම සහය ලබාදිමට කටයුතු කරන ලදි.