Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd January 2023 14:20:44 Hours

ආරක්ෂක සේනා (බටහිර ) ගෙවතු වගා තරගයට දායකත්වය ලබාදෙයි.

උදා වු 2023 වර්ෂය ආරම්භ කරමින් ආරක්ෂක සේනා (බටහිර) වෙතින් 2023 ජනවාරි මස 02 දින යුද්ධ හමුදා ජනපදය තුල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත සහ ඒකකයන් වෙත කොස්, මී සහ මහෝගනී ඇතුළු පැල බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබිය.

'අපි පටන් ගනිමු' යන තේමාව යටතේ ඉඩම් අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද 'ජාතික ගෙවතු වගා තරගයට සමගාමීව මෙම කාලීන වැදගත් වැඩසටහන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. පැළ ලබා දීම කළුතර ප්‍රාදේශීය අඩවි වන කාර්යාලය මගින් සිදුකරන ලදි.

මෙම වැඩසටහන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.