Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st May 2022 19:35:02 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති 144 පාබල බලසේනා මුලස්ථානය හා 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව වෙත නිල සංචාරයක නිරත වෙයි

මෙම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ‌ජෙනරල් ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී රාජකාරි භාර ගැනිමෙන් අනතුරුව 2022 මැයි 26 සහ 27 යන දිනයන්හිදී 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව හා 144 පාබල බලසේනාව නිල සංචාරයක නිරත විය.

පලමු දින (26) ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) තුමන් 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 141 පාබල බලසේනාවට අයත් 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත සංචාරය කරන ලදි. ඒහිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි ජි ඒ ඒස් වික්‍රමසේන ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි පිඒස්සි ඒච්ඩිඒමිසි, 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව ආඥාපතිතුමන් පිළිගත් අතර, මෙහිදි 8 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් තම බලප්‍රදේශයේ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සහ රාජකාරි පිළිබදව ආඥාපතිතුමන් දැනුවත් කරන ලදි.

ඉන් අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා විසින් සෙබළුන්ගේ සුබසාධන කටයුතුවලට අමතරව කඳවුරේ ප්‍රධාන ස්ථාන කිහිපයක්ද නිරීක්ෂණය කරන ලද අතර, තවද, එම සංචාරයේදි කඳවුරේ සුබසාධනය සහ තත්වය උසස් ලෙස නංවාලීම සඳහා ආඥාපතිතුමා විසින් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. එසේම ආඥාපතිතුමා විසින් සංචාරයට සහභාගී වූවන් හට ඔවුන්ගේ බලප්‍රදේශ‌යන්හි වත්මන් තත්ත්වයන් හසුරුවන ආකාරය පිළිබඳවද උපදෙස් ලබා දිමට කටයුතු කළේය.

ඉන් අනතුරුව තම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල ආඥාපතිතුමා 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම ‘අමුත්තන්ගේ පොතේ’ ප්‍රශංසනිය සටහනක් තැබීමට අමතක නොකළේය.

මෙම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කේ ඩබ්ලිව් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී සහ කර්නල් පාලන හා භකාස ලුතිනන් කර්නල් එම්ඒ එස් ජයරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද පළමු දිනයේදී ආඥාපතිවරයා සමඟ එක්ව සිටියහ.

දෙවන දින (27) ආඥාපතිතුමන් අකුරේගොඩ පිහිටි 144 වන පාබල බලසේනාව සහ 2 (සෙවි ) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානය වෙත සංචාරය කරන ලදි. මෙහිදි ප්‍රථමයෙන් 144 වන පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණි ආඥාපතිතුමන් 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි ජි ඒ ඒස් වික්‍රමසේන ආර්ඩබිලිවිපි ආර්ඒස්පි යුඒස්පි පිඒස්සි ඒච්ඩිඒමිසි, හා 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව ආඥාපතිතුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව 144 පාබල බලසේනාධිපති සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් තම බලප්‍රදේශය පිළිබදව සවිස්තරාත්මක දැනුවත් කිරිමක් ආඥාපතිතුමා වෙත ලබාදිමට කටයුතු කලහ.‍

දෙදින සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ආඥාපතිතුමන් කැළණිමුල්ලේ පිහිටි 2 (සෙවි) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත පැමිණි අතර, ඒහිදි , 2 (සෙවි) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීතුමන් විසින් ආඥාපතිතුමන් තම බළඇණිය වෙත පිළිගන්නා ලදී.

අනතුරුව, ආඥාපතිතුමන් 2 (සෙවි) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලද අතර, 144 වන පාබල බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් ඇමතීමටද කටයුතු කරන කරන ලදී. ඒහිදි ආඥාපතිතුමන් විසින් අණදිම,වගකීම්,ස්වයංවිනය, රාජකාරි සිදුකරන ආකාරය පිළිබඳව අවධාරනය කිරීම සහ සෙනින්ගේ සුභසාධනය පිළිබඳවද කරුණු අවධාරණය කරන ලදී. 2 (සෙවි) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම බළඇණි මූලස්ථාන පරිශ්‍රයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්‍ෂණය කිරීමටද ආඥාපතිතුමාන් කටයුතු කළේය.

මෙම සංචාරය සදහා (27) 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී ජී ඒ එස් වික්‍රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී, මෙම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධරි බ්‍රිගේඩියර් කේ ඩබ්ලිව් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී, බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් ජී ඩී ආර් යූ ගල්හේනගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්ව සිටියහ.