Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:56:37 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති සමගින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය 16 වන සංවත්සරය සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය 16 වන සංවත්සරය 2023 පෙබරවාරි 11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගීත්වයෙන් සමරන ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති තුමන් විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය අසලදී මියගිය රණවිරුවන් වෙත සිය උපහාරය පුද කළ අතර, ඉන් අනතුරුව සන්නද්ධ රථවලින් සමන්විත වර්ණවත් හමුදා පෙළපාලියක් ද ආඥාපති තුමන් වෙත පිළිගන්වන ලදී. පසුව සියලු නිළයන්ගේ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, සංවත්සර දිනය සනිටුවහන් කරමින් පැළයක් රෝපණය කිරිමට කටයුතු කරන ලදී. පසුව 11 වන දින රෙජිමේන්තුවේ අභිවෘද්ධිය සඳහා ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ද පසුවදා උදෑසන දානමය පිංකමක් ද පවත්වන ලදී.

මෙම සංවත්සර දිනට සමගාමීව 2023 පෙබරවාරි මස 12 වන දින බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදි රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වු අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති තුමන් වශයෙන් ඊට සහභාගි වු අතර, මේ සදහා බලසේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක, සියලුම අණදෙන නිලධාරීන් ඇතුළු මන්ත්‍රණ සභා සාමාජිකයින් සහභාගීවිය. තවද මේ සදහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළුව පුහුණු මධ්‍යස්ථායේ මෙන්ම සියලුම බලඇණියන්හි, බළලත් නිලධාරින් මෙන්ම සැරයන්වරුන්ද සහභාගිවිය.