Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th June 2023 17:00:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බළකාධිපති ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන බළකාධිපති ලෙස ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඒම්කේඩිබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2023 ජුනි 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය තනතුරෙහි රාජකාරි භාර ගන්නා ලදී.

ඒ සදහා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්කේඑස්එස් ද සිල්වා විසින් අභිනවයෙන් පත් වූ නව බළකාධිපති තුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කදවුරු සංචාරයේ නිරත විය. ඉන් පසු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ භට පිරිස් විසින් රෙජිමේන්තු මූලස්ථානයේ දී නව බළකාධිපති තුමන් හට උපහාරයක් වශයෙන් පිරිනමන ලද උපහාර උත්තමාචාරය පිළිගැනීම සඳහා අභිනවයෙන් පත් වූ බළකාධිපති තුමන් හට සරඹ පිටියට ආරාධනා කරන ලදී.

අනතුරුව, ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් නව තනතුර භාරගැනීම සංකේතවත් කරමින්, මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ නිල ලේඛනයකට සිය අත්සන තබන ලදී මෙම සුවිශේෂී අවස්ථාව සිහිකරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

තවද, මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිළධාරි විසින් සිය සේවා විෂය පථය සහ රාජකාරි විෂය පථය පිළිබදව විස්තර කරමින්, නිලධාරීන් අමතා රෙජිමේන්තු ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

උත්සව දින අවසානයේදී, නව බළකාධිපති තුමන් සියලු නිලයන් සමඟ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ අතර, පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.