Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th August 2022 07:54:01 Hours

ආරක්ෂක සේනා (බටහිර) අයත් භටපිරිස් විසින් තවත් ප්‍රජා සේවයක් ඉටු කරයි

දෙවිනුවර උපුල්වන් දේවාලයේ ඓතිහාසික ඇසළ මහා මංගල්‍යය 2022 අගෝස්තු 05 දින සිට ආරම්භ කර 2022 අගෝස්තු 20 දින දක්වා පැවැත්විමට නියමිතව ඇති අතර, දෙවිනුවර උපුලවන් දේවාලයේ බස්නායක නිලමේතුමාගේ ඉල්ලීම පරිදි දුර්වර්ණ වී ඇති උපුලවන් දේවාලයේ වාහල්කඩ තින්ත ආලේප කිරිම සහ වහලය අබලන් තත්ත්වයක පැවතීම හේතුවෙන් එය පිළිසකර කරදිම සදහා ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.

මේ සදහා 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ වී අයි එල් ජයවීර යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ උපදෙස් සහ පුර්ණ අධීක්‍ෂණය යටතේ 2022 අගෝස්තු 04 වන දින 613 පාබල බලසේනාවේ භටපිරිස් සහ 3 (සෙවි) ගැමුණු හේවා බලඇණියේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ පූර්ණ දායකත්වයෙන් වාහල්කඩ,බිත්ති හා වහලය අළුත්වැඩියා කර තීන්ත ආලේප කර පිළිසකර කර ඇත.

තවද, මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ තීන්ත දෙවිනුවර උපුල්වන් දේවාලය මගින් සපයන ලදි.