Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th December 2022 19:09:59 Hours

ආරක්ෂක සෙනා (බටහිර) වෙතින් තවත් සමාජ සත්කාරක වැඩසටහනක් සදහා දායකත්වය ලබාදෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) ,හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම එක්ව පසුගිය දින කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරිපිටි පැකට් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් දියත් කරන ලදි.

ඒ අනුව ඒම වැඩසටහනට සමගාමීව 2022 දෙසැම්බර් 22 දින ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල් 114ක් සඳහා එක් පවුලකට කිරි පැකට් දෙක බැගින් කිරිපිටි පැකට් 228ක් බෙදා දී ඇති අතර, මෙය සම්බන්ධිකරණය කරනු ලැබුවේ 141 පාබල බලසේනාව විසින්ය.

මෙම බෙදාහැරිම් කටයුතු ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහ ඒම පාබල බලසේනාවට අයත් ඒ්කකයන්හි අණදෙන නිලධාරීන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.