Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

23rd August 2022 15:49:39 Hours

ආඥාපති ආරක්ෂක සේනා (බටහිර) විසින් 61 පාබල සේනාංකය, 612 සහ 613 පාබල බලසේනාවන් වෙත නිල සංචාරයක නිරත වෙයි

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී , 61 පාබල සේනාංක මූලස්ථානය, 612 පාබල බලසේනාව, 613 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත බලඇණි ආවරණය වන පරිදි 2022 අගෝස්තු 17 සහ 18 දිනයන්හි නිල සංචාරයක නිරත විය.

මෙහිදී 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 612 සහ 613 පාබල බලසේනාවල බලසේනාදිපතිවරුන් සහ බලඇණි වල අණදෙන නිලදාරී වරුන් ආඥාපතිතුමන් උණුසුම් ලෙස තම කඳවුරු පරිශ්‍රයන් තුලදී පිළිගන්නා ලදී. එහිදී, සේනාංකාධි තුමා සහ බලසේනාදිපති වරුන් බලසේනාවන් යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලදාරීන්ගේ සහබාගිත්වයෙන් තම බලප්‍රදේශයන්හි කාර්ය භාරය සහ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ආඥාපතිතුමන් වෙත සිදු කරන ලදී . මේ අතර, ආඥාපතිතුමන්ගේ පැමිණීම සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයන් තුල පැළ රෝපණය කිරිමක්ද සිදු විය.

මෙම දෙදින සංචාරයේ දී භට පිරිස් අමතමින් බටහිර ආඥාපතිතුමන් සෙබළුන්ගේ විනය, පිරිස් කළමනාකරණය, මෙම නොසන්සුන්කාරී තත්ත්වය තුළ රාජකාරි කල යුතු ආකාරය, සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු නිවැරදි ආකාරය, වාහන අනතුරු වලක්වා ගැනීම සහ කඳවුරු ආරක්ෂාව යන වැදගත් කරුණු කිහිපයක් පිලිබඳ නිලදාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කළේය. එමෙන්ම, පසුගිය සහ වර්තමාන තත්ත්වයන්හිදී සෙබළුන්ගේ රාජකාරින්හි කැපවීම ආඥාපතිතුමන් විසින් අගය කළේය.

විශේෂයෙන්ම , මෙම සංචාරය අතරතුර, ආඥාපතිතුමන් විසින් කඳවුරු අවට පිහිටීම සහ සොල්දාදුවන්ගේ සුබසාධන කටයුතු නිරීක්ෂණය කළේය. තවද, කඳවුරු තුළ ඇති අවි ගබඩා, සලාක ගබඩා, මුළුතැන්ගෙයි පරිශ්‍රයන් ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක්ද ඔහු විසින් නිරීක්ෂණය කරන ලදි. එමෙන්ම ආඥාපතිතුමන් විසින් නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහද පිළිසඳරක නිරත වීමටද අමතක නොකළ අතර, කඳවුරු සංවර්ධනය කරමින් යටිතල පහසුකම් පුළුල් කරමින් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන්හට උපදෙස්ද ලබා දීමට කටයුතු කළේය.

මෙම සංචාරය අතරතුරදී , බටහිර ආඥාපතිතුමන්, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, එම ප්‍රදේශයන් බාර බලසේනාධිපතිවරුන් සහ එකකයන්හි අණදෙන නිළධාරීන් සමගින් නව ආරක්ෂක සේනා (බටහිර) ස්ථාපනයේ නව යෝජිත ස්ථානයන් කිහිපයක් පිළිබඳවද නිරීක්ෂණය කරන ලදී.

මෙම දෙදින සංචාරය සදහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු, ආරක්ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, බ්‍රිගේඩියර් පාලන භාකාස, බ්‍රිගේඩියර් (සම්බන්ධිකරණ) සහ 61වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ආඥාපතිතුමන් සමගින් සහභාගිවිය.