Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

23rd June 2023 14:25:11 Hours

අසරණ පවුලක් සදහා නව නිවසක් ඉදිකරදීම සදහා 143 පාබල බලසේනාවේ භට පිරිස් සහය ලබා දෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 143 වන පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව භට පිරිස් විසින් සිදුකරනු ලැබූ තවත් උතුම් ව්‍යාපෘතියක් වශයෙන් ප‍්‍රදීපාගම තබ්බෝව ප‍්‍රදේශයේ ආර්ථික අපහසුතාවලින් පෙළුණු අසරණ පවුලකින් කරන ලද ඉල්ලීමකට අනුව නව නිවසක් ඉදිකිරීම සඳහා තම ශ‍්‍රම දායකත්වය ලබාදීමට ඒකග විය.

මේ සදහා කලාඔය පුහුණු පාසලේ හිටපු සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්එස් ප්‍රේමවංශ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඉල්ලීම පරිදි සහන් රාජපක්ෂ මහතා මෙම උදාර ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය මුදල් සහ අමුද්‍රව්‍ය පරිත්‍යාග වශයෙන් ලබාදුන් අතර, මේ සදහා 143 වැනි බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඑම්එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුධ හමුදා සෙළබළුන් තමන්ගේ ශ්‍රම දායකත්වය මෙම ව්‍යපෘතිය සාර්ථකව නිම කිරීම සදහා ලබාදෙන ලදී.

මෙම නව නිවසෙහි ඉදිකිරීම් කටයුතු නිම කර 2023 ජුනි මස 18 වැනි දින නව නිවසෙහි යතුර සංකේතාත්මකව තම දරුවන් සමග ස්ථීර සෙවණක් නොමැතිව සිටි වජිරා ප්‍රියංගනී මහත්මිය වෙත භාර දෙන ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබිලිවිපී ආර්ඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වූ අතර , බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික - ආසේමු (බටහිර) බ්‍රිගේඩියර් කේවීඒන්පී ප්‍රේමරත්න ආර්ඒස්පී යුඒස්පී පීඒස්සී, 143 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ටීඒම්එෆ් කිචිලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කලාඔය පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්වීඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යුඒස්පී, බ්‍රිගේඩියර් (පාලන/භකාස) - ආසේමු (බටහිර) බ්‍රිගේඩියර් ඒච්ඒම්ඒස්අයි සෙනරත්, අණදෙන නිලධාරීන්, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ අනුග්‍රාහකයින්. මෙම උත්සවය සදහා සහභාගී විය.

තවද 143 වන පාබල බලසේනාවෙහි, 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් තම ප්‍රජාවට සේවය කිරීමට ඇති කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කරමින් මෙම උදාර ව්‍යාපෘතිය නිම කර දීම අගයමින් භට පිරිස්වල සේවය සහ කැපවීම පිළිබඳව ප්‍රතිලාභීන් සිය කෘතඥතාව සහ ප්‍රසාදය පළ කළහ.