Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:22:36 Hours

අරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් වාර්ෂික ක්‍රීඩා උත්සවය සඳහා පාසල් සිසුන් පුහුණු කිරිමට කටයුතු කරයි.

පිටිපන කනිෂ්ඨ විද්‍යාලයේ සහ බප/හෝ/වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 142 පාබල බලසේනාවට අයත් 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් විය. පාසල්හි ආචාර පෙළපාළියේ ගමන් ගන්නා සිසුන් පුහුණු කිරීමට උපදේශකයින් ලබදිමට කටයුතු සිදුකරන ලදි.

2023 මාර්තු 03 වන දින ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ නිලධාරීන් පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අවශ්‍යය සහය ලබාදි ඇත.

තවද, පාසල්හි විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන්ගේ දෙමාපියන් ඔවුන්ගේ ක්‍රීඩා තරඟ සාර්ථක කර ගැනීමට යුද හමුදාව දක්වන දායකත්වය පැසසුමට ලක් කර ඇත.