Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th November 2023 07:09:50 Hours

අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් වදුරව ප්‍රදේශයේ විපතට පත් ජනතාවට උපකාර කිරීමට බටහිර භට සහාය දක්වයි.

2023 නොවැම්බර් 06 වන දින අධික සුළං තත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් 141 වන පාබල බලසේනා බළප්‍රදේශයට අයත් මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වදුරව ප්‍රදේශයේ නිවාස 23 කට හානි සිදු වී ඇත.

ඒ අනුව, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණයෙන් 141 පාබල බළසේනාවේ නිලධාරින් 02 ක් සහ සෙසුනිලයින් 05 ක්, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් 03 ක් සහ සෙසුනිලයින් 30 ක්, සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් 02 ක් සහ සෙසුනිලයින් 20 කගේ සහභාගිත්වයෙන් 2023 නොවැම්බර් 07 වන දින පැය 0730 සිට පැය 1700 දක්වා ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ දෛනික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සහ විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදුකර ඇත.