Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th May 2023 12:08:01 Hours

අපවිත්‍ර වී ඇති පානීය ළිං පිරිසිදු කිරීම සදහා ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් සහාය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ මුලටියන බැරගම (නැගෙනහිර) සහ බැරගම (බටහිර) ග්‍රාමනිලධාරී වසම්වල පානීය ළිං ජලය අපවිත්‍ර වීම හේතුවෙන් මහජනතාව මහත් පීඩාවට සහ ඔවුන් හට බරපතල ලෙස සෞඛ්‍ය අවදානමක් ද ඇති කරන අතර ප්‍රදේශවාසීන් විසින් කළ ඉල්ලීමකට අනුව 2023 මැයි මස 16 වන දින යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පානීය ජල ළිං පිරිසිදු කර දීමට සහය ලබා දී ඇත.

ඒ අනුව ආරක්‍ෂක සේනා බටහිර ආඥාපති තුමාගේ උපදෙස් මත 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඉහත සඳහන් ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අපවිත්‍ර වී ඇති පානීය ජල ළිං පිරිසිදු කිරීම සඳහා 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් යුධ හමුදා භට කණ්ඩායමක් සහභාගී කරවන ලදී.