Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th March 2026 16:40:54 Hours

ලෝකාන්තයෙන් පහලට ඇදවැටුනු විශ්ව විද්‍යාල සිසුවිය බේරාගැනීමේ මෙහෙයුම

2026 මාර්තු මස 19 වන දින පෙරවරු 1045 පැයට පමණ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හෝර්ටන් තැන්න ප්‍රදේශයේ ලෝකාන්තය නැරඹිමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට අයත් වයස අවුරුදු 23 ක ශිෂ්‍යාවක් ලෝකාන්තයෙන් පහලට ඇදවැටී ඇති බවට නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙන ලදි.

ඒ අනුව ලැබුණු එම ක්ෂණික දුරකථන පණිවිඩයට ප්‍රතිචාර දන්වමින් 114 පාබල බලසේනාධිපති තුමා වසින් ලබාදුන් උපදෙස් අනුව, 3 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 02 x 04 භටපිරිස් ප්‍රමාණයක් හා කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් 01 x 04 ක භටපිරිසක් එම ස්ථානයට වාර්තා කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, වෘත්තිය භාවය පිළිඹිබු කරමින් ක්‍රියාත්මක වූ මුදවා ගැනීමේ කණ්ඩායම විනාඩි 45 ක් ඇතුලත එම ස්ථානයට ළඟා වි එම ශිෂ්‍යාව නිරුපද්දිතව බේරා ගන්නා ලදි.