Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th March 2026 10:47:22 Hours

ආපදා කලමණාකරන පුහුණු වැඩමුළුව 112 පාබල බළසේනා මුලස්ථානයේ පවත්වන ලදි

112 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඩීඑන්කේ බුලත්සිංහල ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති වන ආපදා තත්වයන්හිදි සෙවීම හා මුදවා ගැනීමේ රාජකාරියේ නියැලෙන යුද්ධ හමුදා සාමාජිකයින් හට එම අවස්ථාවන්හිදි කටයුතු කලයුතු ආකාරය පිලිබඳ පුළුල් දැනුමක් ලබාදීමේ අරමුණින් ආපදා කලමණාකරන වැඩමුළුවක් 2026.03.03 දින සිට 2026.03.06 වන දින 02 x 75ක භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා දේශණ සමගින් 112 වන පාබල බළසේනාවේ හිදී පැවැත් වු අතර මෙම වැඩමුළුවෙහි දේශණ සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් පිරිසක් ද සහභාගී වන ලදි.